යුද හමුදාව කැරොල් ගායනා සමඟින් නත්තල සමරයි
11th December 2015
යුද හමුදා ක්‍රිස්තියානි සංගමය විසින් නත්තල් සමය වෙනුවෙන් පවත්වනු ලබන වාර්ෂික නත්තල් කැරොල් සේවාව බදාදා (10) දින පස්වරුවේ කොළඹ 07 මියුසියස් විද්‍යාලීය පීටර් ද ආබෘ අනුස්මරණ ශ්‍රවණාගාරයේ දී පැවැත්විය. මෙහි දි සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ගීතිකා ගායනා කිරිම සිදු කෙරිනි. එම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා එක්ව සිටියහ. මෙම උත්සව අවස්ථාව සඳහා යුද හමුදා ක්‍රිස්තියානි සංගමයේ අනුශාසක බෙනඩික් ජෝශප් පියතුමා ඇතුලු යුද හමුදා ගීතිකා කණ්ඩායම සහ තවත් ගීතිකා කණ්ඩායම්හි දායකත්වය ද ලැබුනි. සම්භාවනීය අමුත්තන්ගේ පැමිණිමෙන් අනතුරුව මෙම උත්සවයේ කටයුතු ආරම්භ කරන ලදි. යුද හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති මේජර් ජෙනරාල් කේ.ඩබ්.එඩිමා විසින් යුද හමුදාපතිතුමන් පිළිගෙන මෙම අවස්ථාවට කැඳවා ගෙන යනු ලැබීය. මෙහි දි කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝම්ස් හිමිපාණන් විසින් නත්තලේ සැබෑ අරුත සිහිගන්වමින් නත්තල් පණිවිඩය ඉදිරිපත් කරන ලදි. මෙම ප්‍රවීණ කලාකරුවන් විසින් එම අවස්ථාවේ දී යුද හමුදා ගිතකා කණ්ඩායම සමඟින් ‘Silent Night’, ‘O Holy Night’, සහ ‘Felis Navidad’ වැනි වඩාත් සුප්‍රකට ගිතීකා මෙහිදි ගායනා කරන ලදි. එමෙන්ම යහපත් එඬේරා කන්‍යාරාමයේ ආදි ශිෂ්‍ය ගීතිකා කණ්ඩාය, යුද හමුදා සාමාජිකයින් මෙන්ම අනෙකුත් ගීතිකා කණ්ඩායම්වලින් මෙම උත්සවය තවත් වර්ණවත් විය. ජනප්‍රිය ගායකයින් වන අනිල් භාරතී, රූකාන්ත සහ රයිනි චාරුකා ගුණතිලක ඇතුළු පිරිසක් ද මෙම නත්තල් ගීතිකා ගායනයට එක්ව සිටියහ. හිටපු යුද හමුදාපතිවරුන්, විශ්‍රාමික යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් මෙන්ම සෙසු නිලයින් ද ඔවුන්ගේ බිරින්දෑවරුන් සමඟින් 2015 වසරේ නත්තල් කැරොල් සේවාව සඳහා සහභාගි විය.