ආරක්ෂක ලේකම් සහ යුද හමුදාපති නව ආරක්ෂක මුලස්ථාන සංකීර්ණයේ සංචාරයක
9th December 2015
බත්තරමුල්ල, අකුරේගොඩ ඉදිවෙමින් පවතින නව ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ වත්මන් තත්වය පිළිබඳ සොයා බැලිම සඳහා බදාදා (09) දින ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සමඟින් එහි සංචාරයක නිරත විය. එහිදි ආරක්ෂක ලේකම්තුමා ත්‍රිවිධ හමුදා මුලස්ථානයේ වෙන්වෙන් වශයෙන් ඉදිකරනු ලබන ගොඩනැගිලි, ශාඛා ආදිය පිළිබඳ සොයා බලන ලදි. එසේම ආරක්ෂක ලේකම්තුමන් විසින් මෙම මූලස්ථාන සංකීර්ණ ඉදිකිරිම සඳහා නවතම තාක්ෂණයන් යොදා ගැනීම පිළිබඳව සාකච්ජා කළ අතර, මෙම වැඩබිමේ සේවය කරන කණ්ඩායම් වෙත අවශ්‍ය උපදෙස් ද ලබාදෙන ලදි. තවද, ආරක්ෂක මුලස්ථාන සංකිර්ණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් මහින්ද අඹන්පොල විසින් මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ සමාලෝචනයක් මෙහිදි ඉදිරිපත් කළ අතර, නාවික හා ගුවන් හමුදා නිලධාරීන් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් ද මෙම සංචාරය සඳහා එක්ව සිටියහ.