ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී නාවික හමුදාපති හමුවේ

4th December 2015

ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ඩල්බීර් සිං බ්‍රහස්පතින්දා (3) දින ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ආර්.සී විජේගුණරත්න කොළඹ නාවික හමුදා මූලස්ථානයේ දී හමු වූ අතර, එහි දී නාවික හමුදා සෙබලුන් විසින් ඉන්දීය ජෙනරාල්වරයා වෙත සම්මාන ආචාර මුරයක් පිරිනමනු ලැබීය. මෙහි දී දෙපිරිස අතර වැදගත් කරණු රැසක් සාකච්ඡා කෙරුනු අතර, එම සුහද අවස්ථාව සංකේතවත් කරමින් දෙපිරිස අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.