ඉන්දීය හමුදා ප්‍රධානි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ ගුවන් හමුදාපති හමුවේ
1st December 2015
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ඩල්බිර් සිං අඟහරුවාදා (10) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක හමුවීමට එම කාර්යාලය වෙත පැමිණියේය. මෙහි දී හමුදාමය සහ පොදු කරුණු රැසක් පිළිබඳ මොවුන් අතර සාකච්ඡා සිදු කෙරුණි. එමෙන්ම සාකච්ඡා අවසානයේ සමරු තිළිණ පිරිනැමීමක් ද සිදුවිය. මේ අතර, ජෙනරාල් ඩල්බීර් සිං එදිනම කොළඹ ගුවන් හමුදා මූලස්ථානයට පැමිණ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල ද හමු වුවේය. ගුවන් හමුදාපති ඉන්දීය හමුදා ප්‍රධානි උණුසුම් අයුරින් පිළිගත් අතර, ගුවන් සෙබලු මොහු වෙත සම්මාන මුරයක් ද පිරිනැමීය. ඉතා වැදගත් කරුණු පිළිබඳ ප්‍රධානීන් දෙපල අතර අදහස් හුවමාරු කෙරුණු අතර, ඉන් පසු සිය මිතු දම සිහිපත්වීම සඳහා ගුවන් හමුදාපති හා ජෙනරාල් සිං අතර සමරු තිළිණ ද හුවමාරු කෙරිනි.