තම සංචාරයේ දී ඉන්දීය හමුදා ප්‍රධානි ශ්‍රී ලංකා අගමැති හමුවේ
1st December 2015
මෙරට සංචාරයක නියුතු ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ඩල්බිර් සිං අද (30) දින පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් යශ්වර්ධන් කුමාර් මහතා ද එක්වූවේය. පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු වූ මෙම හමුව සඳහා නිතිය සහ සාමය සහ දක්ෂීණ සංවර්ධන පිළිබද අමාත්‍ය සාගල රත්නායක සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ද එක්වූහ. මෙම හමුවේ දී සිදු වූ සාකච්ඡාවේ දී දෙරට හමුදා අතර සම්බන්ධතා පිළිබඳව සහ ඒවා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහි දී අවධානය යොමු කෙරිනි. මෙහි දී විශේෂ සමරු තිළිණයක් ද ඉන්දීය හමුදා ප්‍රධානි වෙත පිරිනැමීය. මෙරටට පැමිණි ඉන්දීය නියෝජිත පිරිසේ බ්‍රිගේඩියර් ගෝපාල් ගුරාන්, කර්නල් අමිතාබ් ජා සහ කපිතාන් එන්.කේ සරස්වත් ද මෙම සාකච්ඡාවට එක්වූහ.