ඉන්දීය හමුදා ප්‍රධානි හා ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා අතර හමුවක්
30th November 2015
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ඩල්බීර් සිං අද (30) දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හමුවූවේය. ශ්‍රී ලංකා යුද හමුදාපති හා ජෙනරාල් ඩල්බීර් සිං අතර යුද හමුදා මුලස්ථානයේ දී සිදු වූ හමුවෙන් අනතුරුව මෙම හමුව සිදු විය.   දෙපාර්ශවයටම අදාල වන හමුදාමය සහ පොදු කරුණු රැසක් පිළිබඳ මෙම දෙපල අතර තොරතුරු සාකච්ඡාවට භාජනය විය.    එමෙන්ම ප්‍රධානීන් දෙපල අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිනි.