ඉන්දීය හමුදා ප්‍රධානි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම් බැහැ දකී
30th November 2015
ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ඩල්බීර් සිං ශ්‍රී ලංකා රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සහ ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා හමු වී දෙපාර්ශවයට වැදගත් වන කරුණු පිළිබඳ නිල සාකච්ඡා පැවැත්විමට නියමිතය. ආරක්ෂක අමාත්‍යාංශයේ දී මෙම හමුවීම් සිදු විය. ජාත්‍යන්තර වශයෙන් වැදගත් වන ආරක්ෂ කටයුතුවලට අදාල කරුණු මෙහි දී සාකච්ඡාවට භාජනය කෙරිනි. සාකච්ඡාවලින් අනතුරුව ජෙනරාල් සිං හා ආරක්ෂක අමාත්‍යවරයා අතර සමරු තිළිණ හුවමාරුවක් සිදු කෙරිනි. එමෙන්ම ආරක්ෂක ලේකම්වරයා හා ජෙනරාල් සිං අතර ද මෙලෙස සමරු තිළිණ හුවමාරු කර ගැනීම සිදු විය. මෙම අවස්ථාවන් සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත සිල්වා ද එක්ව සිටියහ.