පනාගොඩ යුද හමුදා ජනපදයෙහි අප ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදි කරයි

24th November 2015

බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ උපදෙස් සහ සංකල්පයක් මත පනාගොඩ යුද හමුදා ජනපදය තුළ පරිසරය ආරක්ෂා කිරීමේ අදිටනින් අප ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදි කරනු ලැබීය. අක්කර ගණනාවක් ක් පුරා ඇති පනාගොඩ යුද හමුදා ජනපදය තුළ බටහිර ආරක්ෂා සේනා මූලස්ථානය, යුද හමුදා අධ්‍යක්ෂ මණ්ඩල හතරක්, රෙජිමේන්තු මධ්‍යස්ථාන හතක්, පනාගොඩ යුද හමුදා මූලික රෝහල, ඒකක දාහතරක්, යුද හමුදා ක්‍රීඩා ගම්මානය සහ යුද හමුදා නිළ නිවාස ආදිය පිහිටා ඇති අතර, යුද හමුදා සාමාජිකයින් දහසකට අධික පිරිසක් රාජකාරී කරනු ලබයි. මෙම යුද හමුදා ජනපදය තුල ඇති අපවිත්‍ර ජලය මගින් පස හා භූගත ජල පද්ධතියට වනු ලබන පාරිසරික හානිය අවම කිරීමේ අදිටනින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත. රුපියල් මිලියන 26.85 ක් පමණ වැය කරමින් ඉදි කරමින් පවතින මෙම ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික සහය 1 වන ඉංජිනේරු සෙබලුන් විසින් සහ ඇක්වා ටෙක්නොලොජීස් පුද්ගලික ආයතනය විසින් ලබා දෙන ලදී.