අතුරුදහන් වූ භික්ෂූන් වහන්සේලා සෙවීමට යුද හමුදාවේ සහය

24th November 2015

අරලගන්විල කන්දෙගම ප්‍රදේශයේ වනාන්තරයක දී අතුරුදහන් වූ සාමණේර හිමිවරුන් සෙවීමට 9 වන ගැමුණු හේවා රෙජිමේන්තු සෙබලුන්, 12 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සෙබලුන් සහ විශේෂ බලකායේ අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 6 ක් සමගින් යුද හමුදා සෙබලුන් 85 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉරිදා (22) දින පිටත් විය. පොලිසිය විසින් මේ පිළිබඳව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය වෙත කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද හමුදා සාමාජිකයින්, සිවිල් ආරක්ෂක බලකායේ සෙබලුන් සහ ප්‍රදේශවාසීන් එක්ව එම මෙහෙයුම සඳහා පූර්ණ සහයෝගය ලබා දී ඇත. කෙසේ වෙතත් සිදු කළ සෝදිසි කිරීම්වලින් අනතුරුව (23) උදෑසන මාර්ගය සොයා ගැනීමට නොහැකිව අතරමංවූ සාමණේර මිහිවරුන් සොයාගැනීමට මෙම කණ්ඩායමට හැකි විය.