කැනේඩියානු මහ කොමසාරිස් හා යුද හමුදාපති අතර හමුවක්
19th November 2015
ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ෂැලී වයිටින් මහත්මිය සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා අතර හමුවක් බ්‍රහස්පතින්දා (19) දින පස්වරුවේ යුද හමුදා මූලස්ථානයේ දී සිදු කෙරිනි. මෙහි දී ෂැලී වයිටින් මහත්මිය සමඟ මෙහි පැමිණි මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මාර්ක් ඩසල්ට් හමුදාපති ලේකම් කාර්යාලයේ පිවිසුම් දොරටුව අභියස දී පිළිගැනීමෙන් අනතුරුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් හමුදාපති කාර්යාලය වෙත කැදවාගෙන යනු ලැබීය. එහි දී සිදු කෙරුනු ද්විපාර්ශවීය සාකච්ඡාවේ දී උතුරු සහ නැගෙනහිර ආරක්ෂක තත්වය ඇතුළු කරුණුකාරණ රැසක් පිළිබඳ සාකච්ඡා කෙරිනි. රටේ පවතින ආරක්ෂාව පිළිබඳව සහ යුද හමුදාවේ වත්මන් කාර්යභාරය පිළිබඳව විස්තරයක් ද කරනු ලැබීය. මෙම අවස්ථාව සිහිගන්වමින් සුහදත්වය සිහිගැන්වීමේ අරමුණින් දෙපිරිස අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිනි.