බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරයි
18th November 2015
බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන සෙබලුන් විසින් පසුගිය දිනවල ඇති වූ ආපදා තත්වය හේතුවෙන් සඳුදා (16) දින පුත්තලම දිස්ත්‍රික්කයේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කර ඇත. මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ බට්ටලුඔය ප්‍රදේශයේ මා - එළිය වැවේ ජල ම්ටටම ඉහල යාම හේතුවෙන් වැව් බැම්මේ ඇති වූ විනාශ කාරී තත්වය නැවත යථා තත්වයට පත් කරනු ලැබීය. මෙහිදී බටහිර ආරක්ෂක සේනා මූලස්තාන ආඥාපතිතුමාගේ අධීක්ෂණයෙන් 143 බලසේනාවේ 26 වන ගජබා රෙජිමේන්තු සෙබලුන් 30 දෙනෙකු වහා යුහුසුළුව ක්‍රියාත්මක වී වැලි බෑග් 400 ක් පමණ යොදා ගනිමින් එම අනතුරුදායක තත්වය වළක්වාලනු ලැබීය.