කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන සංවිධානයෙන් පුනරුත්තාපනය වූ හිටපු සටන් සාමාජිකාවකගේ නව නිවසක් සඳහා ඇස්බැස්ටෝස් ෂීට් ලබා දේ
18th November 2015
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරී නියුතු පුනරුත්තාපනය වූ හිටපු සටන් සාමාජිකාවක්ගේ නව නිවසක් සඳහා ඇස්බැස්ටෝස් ෂීට් ලබා දී ඇත. කිළිනොච්චි සිවිල් ආරක්ෂක දේපාර්තමේන්තුවේ සේවයේ නියුතු පුනරුත්තාපනය වූ සටන් සාමාජිකාවක් වූ වී. සුග්රිදා මහත්මියගේ නව නිවස සඳහා ඇස්බැස්ටෝස් ෂීට් 15 ක අවශ්‍යතාවයක් ඇති බව කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය වෙත කළ ඉල්ලීමකට අනුව ඇයට මේ සඳහා මූල්‍යමය ආධාර ලබා දී ඇත. මෙහිදී කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් පොල්ගස්ඕවිට සිංහ සමාජය වෙත කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් සුග්රිදා මහත්මිය හට සෙනසුරාදා (14) දින ෂීට් සඳහා රුපියල් 35,700 ක මුදලක් පරිත්‍යාග කර ඇත. ඇස්බැස්ටෝස් ෂීට් මුලතිව් දක්වා රැගෙන ඒම සඳහා කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ප්‍රවාහන පහසුකම් ද සපයා ඇත.