‘නීරෝගීමත් හමුදාවක් නීරෝගීමත් දැයක්’ වැඩසටහන යටතේ දියවැඩියා රෝගය පිළිබදව සෙබලුන් දැනුවත් කරයි

18th November 2015

පසුගියදා යෙදුන ලෝක දියවැඩියා දිනයට සමගාමීව ‘නීරෝගීමත් හමුදාවක් - නීරෝගීමත් දැයක්’ වැඩසටහන යටතේ සදුදා (16) දින නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී දියවැඩියා රෝගය පිළිබව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය. මෙහිදී දියවැඩියා රෝගය සහ එහි සංකූලතාවය, ඒ සදහා ඇති සායන සහ අධ්‍යාපන වැඩසටහන් රැසක් නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී ප්‍රදර්ශණය කරනු ලැබීය. මෙදින ‘නීරෝගීමත් හමුදාවක් නීරෝගීමත් දැයක්’ ව්‍යාපෘතියෙහි ප්‍රමුඛයා වූ බ්‍රිගේඩියර් (වෛද්‍ය) ඒ.එස්.එම් විජේවර්ධන, කපිතන් (වෛද්‍ය) වයි.එස් කුමාර සහ එන්.එම්.එස් හෙට්ටිගෙදර විසින් බෝ නොවන රෝග, එම රෝග වැළැක්වීමේ අවශ්‍යතාවය සහ එහි සංකූලතාවය මනාව පැහැදිලි කරනු ලැබීය. මෙම සැසිවාරයට සමඟාමීව එම ස්ථානයේ යුද හමුදා සාමාජිකයින්ගේ සීනි සහ රුධිර පරීක්ෂාව මෙන්ම බර මැනීමද සිදු කරනු ලැබීය. එම අවස්ථාවේදී යුද හමුදා රෝහලේ අධ්‍යක්ෂ කර්නල් පී.ඒ.සී ප්‍රනාන්දු පිළිගැනීමේ කථාව සිදු කරමින් මෙම වැඩසටහනේ වැදගත් කම අවධාරණය කරනු ලැබීය. මෙම අවස්ථාව සදහා යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සෙසු නිළයින් සහ රෝහල් කාර්ය මණ්ඩලය බොහෝ පිරිසක් සහභාගි වූහ.