23 සේනාංකයෙන් දිළිඳු පවුලකට නව නිවසක්
17th November 2015
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 23 වන සේනාංකය තම ශක්තියෙන් ඉදි කළ නව නිවසක් අසේලපුර ප්‍රදේශයේ අඩුආදායම්ලාභි දිළිඳු පවුලකට භාරදීම පසුගිය 12 වන බ්‍රහස්පතින්දා දින සිදු කෙරිනි. එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ඩී.යූකේ හෙට්ටිආරච්චිගේ සෘජු උපදෙස් අනූව මෙම කටයුතු සිදු කලහ. ජෙනරාල් ජෙනරාල් හෙට්ටිආරච්චිගේ ආරාධනාවෙන් නිවස භාරදීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් එන්.ජේ වල්ගම සහභාගි වූවේය. ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් මෙම නිවස ඉදි කිරීම සඳහා මූල්‍ය දායකත්වය දැක් වූ අතර, 23 සේනාංකයේ සෙබලු ඉදි කිරීම් කටයුතු සඳහා පෙදරේරු සහාය ලබාදුනි. මේ අතර, 232 බල සේනාව ද කුඩුම්බිමලේ කෝනේෂ්වරම් පුල්ලෙයාර් කෝවිල ශ්‍රමදානයක් මඟින් පිරිසිදු කළේ නොවැම්බර් මස 09 වන දිනය.