කලත්තෑව කොමිෂන් නොලත් පුහුණු පාසලේ සෙබලුන් වර්ෂාවෙන් විනාශ වූ වැවෙහි වාන් දොරටුව පිළිසකර කරයි
16th November 2015
අධික වර්ෂාව හේතුවෙන් ජල මට්ටම ඉහළ ගොස් කලැත්තෑව මහ හොරිවිල වැවෙහි වැව් බැම්ම කැඩීගිය අවස්ථාවේ දී වාරිමාර්ග ඉංජිනේරු අනුර කෝනේගෙදර මහතාගේ ඉල්ලීම පරිදි කලැත්තෑව කොමිෂන් නොලත් පුහුණු පාසලේ පුහුණුව ලබන සෙබලුන් 51 කුගේ දායකත්වයෙන් සෙනසුරාදා (14) පස්වරුවේ වැලි කොට්ට අතුරා මහ හොරිවිල වැව් බැම්ම යථා තත්වයට පත් කරනු ලැබීය. වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ බලධාරින්ගේ උපදෙස් අනූව අධික ජල පහර හේතුවෙන් වැවෙහි වාන් දොරටු අසල කොටසක් කැඩී යාම හේතුවෙන් ගම්වාසීන් සහ ගොවීන් සඳහා ඇතිවෙන්නට ගිය අනතුරුදායක තත්වය වලක්වාලමින් සෙනසුරාදා (14) පස්වරු 6.00 ට පමණ සෙබලුන් විසින් වැව් බැම්ම යථා තත්වයට පත් කරනු ලැබීය. අනුර කෝනේගෙදර මහතා සහ මෙම පුහුණු පාසලේ සේනාවිධායකවරයා සමඟ එක්වී සෙබලු ඉතා කඩිනමින් කරනු ලැබූ මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ප්‍රදේශවාසීන් බොහෝ සහයෝගය දක්වනු ලැබීය. එම හදිසි ආපදා තත්වය ඇති වූ අවස්ථාවේ සේනාවිධායකගේ උපදෙස් මත පුහුණු පාසලේ සෙබලු 50 දෙනෙකුගේ පමණ දායකත්වයෙන් වැලි ගෝනි අහුරා වැව් බැම්ම කැඩීයෑම හේතුවෙන් ඇති වෙන්නට යනු ලැබූ හානිකර තත්වය වළක්වාලනු ලැබීය.