‘වන රෝපා’ තවදුරටත් ව්‍යාප්ත කෙරේ

2nd November 2015

රජයේ අධීක්ෂණය යටතේ පරිසර අමාත්‍යාංශය දියත් කරනු ලබන ‘වන රෝපා’ රුක්රෝපණ ව්‍යාපෘතිය සඳහා ආරක්ෂක සේනා මූලස්ථාන මට්ටමින් දායක වී මේ වන විට ස්ථාන රැසක දී ක්‍රියාත්මක කෙරේ. වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලු සිය මුලස්ථාන භූමියේ පැල වර්ග 50 ක් රෝපණය කරනු ලැබිය. එහි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ජේ.ඒ.ඩී.පී ජයතිලක ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට සම්බන්ධ වුහ. එමෙන්ම 6 වන ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකාය ‘තුරු කැපකරු’ සහ ‘අපි නිරතුරු’ මැයෙන් කන්දකාඩු යුද හමුදා ගොවිපොලේ දී පැල වර්ග 1000 ක් රෝපණය කලහ. එම බලකායේ අධිපති මේජර් ජෙනරාල් එම්.එච්.පී මිහිඳුකුලසූරිය මෙහි පළමු පැලය රෝපණය කළ අතර, කෘෂිකර්ම සහ සජීවි තොග අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඩබ්.ජී.එල් පද්මකුමාර ඇතුළු නිලධාරීන් මීට එක්වූහ. මෙම ජාතික ව්‍යාපෘතියට එක්වෙමින් සිකුරාදා (23) දින 3 (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ සෙබලියන් ද පැල වර්ග රැසක් දෙහිඅත්තකණ්ඩිය සිය කඳවුරු භූමියේ රෝපණය කරනු ලැබීය. එදිනම පැල 50 ක් ගිරිතලේ පිහිටි සන්නද්ධ බුද්ධ බලකා පරිශ්‍රයේ ද සිටුවනු ලැබුවේ මෙම ව්‍යාපෘතියට සහයෝගය දක්වනු පිණිසය. මේ අතර, 24 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සෙබලු වෙරුගල් කඳවුරු භූමියේ පැල 39 ක් සිට වූ අතර, ඔක්තෝබර් මස 23, 25 සහ 26 දිනවල සිදු කෙරුනු මෙම ක්‍රියාදාමයට නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් එක්වූහ. තවද, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ ද පැල 250 ක් රෝපණය කිරීම සිදු කෙරුනේ ඔක්: 23 - 24 දෙදිනය. සඳුදා (26) දින 53 වන සේනාංකය ද තම සේනාංක භූමියේ පැල 150 ක් රෝපණය කලහ. එදිනම කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ දි පැල වර්ග 70 ක් ද අරලගන්විල පිහිටි 9 වන ගැමුණු හේවා බල ඇණියේ සෙබලු එම භූමියේ පැල 150 ක් ද සිටුවීය. 10 වන ශ්‍රී ලංකා කාලතුවක්කු බලකාය ද සෙනසුරාදා (24) දින ස්ථාන කිහිපයක දී පැල වර්ග 150 ක් සිටවිමට එක් වු අතර, ඔක්: 28 - 29 දෙදින 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සිය කඳවුරු භූමියේ පැල වර්ග 250 ක් රෝපණය කලහ. යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සහාය ඇතිව 611 බල සේනාව ද තම මුලස්ථාන භූමියේ දී රුක්රෝපණ ව්‍යාපාරයට එක්වී පැල 50 ක් රෝපණ කිරීමෙහි යෙදී සිටියහ.