ජපන් තානාපති යුද හමුදා මූලස්ථානයට පැමිණේ

18th November 2015

ජපන් තානාපති අතිගරු කෙනිචි සුගානුමා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවීම සඳහා බදාදා (18) දින පස්වරුවේ යුද හමුදා මූලස්ථානයට පැමිණියහ. මෙහිදී ජපන් තානාපතිතුමා හමුදාපති ලේකම් කාර්යාලයේ පිවිසුම් දොරටුව අභියස දී පිළිගැනීමෙන් අනතුරුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් හමුදාපති කාර්යාලය වෙත කැදවාගෙන යනු ලැබීය. මෙහිදී යුද හමුදාපති විසින් දෙරටේ ඓතිහාසික සබඳතා සිහිපත් කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා දෙනු ලබන සහයෝගය සදහා සිය කෘතඥතාවය පුද කරනු ලැබීය. එමෙන්ම මෙහිදී යුද හමුදාපතිතුමන් විසින් ජපන් තානාපති හට රටේ පවතින ආරක්ෂාව පිළිබදව සහ යුද හමුදාවේ වත්මන් කාර්ය භාර්යයන් පිළිබඳව විස්තරයක් ද කරනු ලැබීය. මෙහිදී ජපානය විසින් අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන බවත් පවසමින් ශ්‍රී ලංකා යුද හමුදාවට සුභ පැතුම් ද එක් කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ජපන් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක එම්. ශිගේකාවා සහභාගි වූහ. මෙම අවස්ථාව සිහිගන්වමින් දෙපිරිස අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වූහ.