නායක තෙරුන්ගේ අක්ත පත්‍ර පිරිනැමිමේ උත්සවය සඳහා යුද හමුදාපති සහභාගි වේ
18th July 2016
පූජ්‍ය දෙල්ගොඩ සුමන නායක හිමි හට අමරපුර ශ්‍රී සද්ධර්මවන්ස සංඝ සභාවේ අධිකරණ සංඝ ණායක පදවිය පිරිනැමීමේ උත්සවය පානදුර මොරවින්න සුදර්මාරාම පුරාණ විහාරයේ දී ඉරිදා (17) දින සිදුවූ අතර, එම අවස්ථාවට යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ. මෙම උත්සව අවස්ථාවේ දී නායක හිමියන්ගේ 50 වන ජන්ම දින සැමරුම සැමරෑ අතර, එහිදී නවතමයෙන් ඉදි කරනු ලැබූ බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ අවාසගෙය ද විවෘත කිරීම සිදු විය. එදින පැවති වර්ණවත් පෙරහැරකින් අක්ත පත්‍ර ලාභී නායක ස්වාමීන් වහන්සසේ එම ස්ථානයට වැඩම කරනු ලැබීය. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් බුද්ධ ප්‍රතිමාව වෙත පළමුවෙන් පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු ආගමික වතාවත්වල නිරත වී ඉන් අනතුරුව ආවාසගෙය විවෘත කිරීමේ පලකය නිරාවරණය කරන ලදී. ඉන් අනතුරුව නව අක්ත පත්‍ර ලාභී අධිකරණ සංඝණායක හිමි වෙත අක්ත පත්‍ර පිළිගැන්වීම සඳහා වූ විශේෂ අවස්ථාවට යුද හමුදාපතිතුමා හට ආරාධනා කළ අතර, එතුමා විසින් සංකේතාත්මකව අක්ත පත්‍ර පිළිගැනීමෙන් අනතුරු අටපිරිකර පූජා කිරීමද සිදු කරන ලදී. සෙත් පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ සම්ප්‍රදායානුකූලව පොල් තෙල් පහන් දැල්වීමෙන් පසු අක්ත පත්‍ර ලාභී නායක හිමි ඇතුළු නායක හිමිවරුන් කිහිප දෙනකු විසින් අනුශාසනාවන් පවත්වන ලදී. එම උත්සව අවස්ථාව සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහභාගි වූහ.