ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨ නව ශ්‍රවණාගාරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ චීන නිලධාරීන්ගේ කැපවීම අගය කරයි
13th July 2016
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සිකුරාදා (08) දින චීන රජ්‍ය විසින් පරිත්‍යාග කළ දියතලාව යුද හමුදා විද්‍යාපිඨයේ නව ශ්‍රවණාගාර සංකීර්ණයේ ඉදිකිරිම්හි නිරත ජ්‍යෙෂ්ඨ චීන හමුදා නිලධාරීන් පස්දෙනෙකු සමඟ පැවති හමුවේ දී එහි වත්මන් තත්වය පිළිබඳව විමසා සිටි අතර, ඒ සඳහා ඔවුන් ලබාදෙන දායකත්වය ද ඇගයීමට ලක් කළහ. හමුදාපති කාර්යාලයේ පැවති මෙම සුහද හමුවේ දී චීන යුද හමුදාවේ ත්‍යාගයක් ලෙස 2014 ඔක්තෝබර් 21 දියත් කළ මෙම ඉදිකිරීම් ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සහ තාක්ෂණික කරුණු සම්බන්ධයෙන්, ඉදිකිරීම් කළමනාකරණ නියෝජිත කණ්ඩායම් ප්‍රධානි ජ්‍යෙෂ්ඨ කර්නල් චෙන් ජී සහ ඉදිකිරීම් කළමනාකරණ නියෝජිත කණ්ඩායම් නියෝජ්‍ය ප්‍රධානි ජ්‍යෙෂ්ඨ කර්නල් ජෙන් හොංග් විසින් යුද හමුදාපතිතුමා වෙත විස්තර ඉදිරිපත් කරන ලදි. ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් පිළිබඳව සාවදානව අසා සිටි අතර, 800 දෙනෙකුට ආසන පහසුකම්, ශ්‍රව්‍ය දෘශ්‍ය පහසුකම් සහිත යෝජිත ශ්‍රවණාගාරයේ ඉදිකිරිම් අවසන් වන කාලවකවානු ආදිය පිළිබදව විමසන ලදි. එසේම යුද හමුදාපතිතුමා විසින් චීන ඉදිකරන්නන්ගේ කාර්යක්ෂමතාවය සහ ඒ සඳහා සහයෝගය ලබාදෙන දේශීය නියෝජිතයින්හට ඔවුන් විසින් ලබා ෙදන සහාය පිළිබදව සිය සතුට ද පල කළහ. මෙම සාකච්ජාව අවසානයේ ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඔවුන් දක්වන අගනා කැපවීම සහ දායකත්වය අගයමින් ඒ සබැදිව ප්‍රශංසනාත්මක ලිපි ප්‍රදානය කළ අතර, අනතුරුව ඔවුන් හට සමරු තිළිණ පිරිනැමීමක් ද සිදුවිය. මෙම සුහඳ හමුව සඳහා ව්‍යාපෘති කළමනාකරණ නිලධාරී කර්නල් කීර්ති රණසිංහ ද එක්ව සිටියහ.