පනාගොඩ සහ මැනිං වටුන් විරු කැකුළු පෙර පාසලෙහි වාර්ෂික විවිධප්‍රසංගය ඉතා වර්ණවත් අයුරින්
12th November 2015
යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් පරිපාලනය කරනු ලැබූ පනාගොඩ සහ මැනිං වටුන් විරු කැකුළු පෙර පාසලෙහි වාර්ෂික විවිධප්‍රසංගය ඉතා වර්ණවත් අයුරින් බදාදා (11) දින කොළඹ බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය. එම වාර්ෂික විවිධප්‍රසංගයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදා සේවා වනිතා ඒකකයෙහි ගරු සභාපතිනිය නයනා ද සිල්වා මහත්මියගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ දියණිය වූ චතුරිකා සිරිසේන මහත්මිය සහ තිළිණ වේවැල්පනාව මහතා සහභාගි වූහ. සියලු ජාතීන් නියෝජනය කරමින් ඉතා වර්ණවත් ඇදුමින් සැරසුණු ළමයින් විසින් බුලත් හුරුලු පිළිගන්වමින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගනු ලැබීය. අනතුරුව සම්ප්‍රදායානුකූලව පොල් තෙල් පහන දැල්වීමෙන් පසු යුද හමුදා සේවා වනිතා ඒකකයේ පෙර පාසල් භාරව කටයුතු කරනු ලැබූනු ප්‍රජීවා අල්විස් මහත්මිය විසින් පිළිගැනීමේ කතාව සිදු කරනු ලැබීය. අනතුරුව දෙමාපිය සහ වැඩිහිටියන්ගේ අත්පොලසන් මධ්‍යයේ පෙර පාසැල් දෙකෙහි දුවා දරුවන් විසින් සිය කුසලතා ඉදිරිපත් කරනු ලැබීය. පූජා නැටුම්, ජන ගී නැටුම් මෙන්ම පෙරදිග සහ අපරදිග නර්ථනාංගයන්ගෙන් මෙම අවස්ථාව ඉතා වර්ණවත් වනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ආරක්ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි වසන්තා ගුණවර්ධන මහත්මිය, යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නයනා ද සිල්වා මහත්මිය, යුද හමුදා සේවා වනිතා ඒකකයේ ක්‍රියාකාරී සාමාජිකාවන් සහ පෙර පාසැල් ළමුන්ගේ දෙමාපියන් ඇතුළු ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් බොහෝ පිරිසක් ද සහභාගි වූහ.