යුද හමුදාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනයෙහි වැඩසටහන් රැසක්
5th November 2015
යාපනය අර්ධද්වීපයේ පවත්වනු ලැබූ වාර්ෂික කඨින මහා පුණ්‍යෝත්සවය බදාදා (4) දින බෞද්ධ සංස්කෘතියේ ඓතිහාසික වටිනාකමකට උරුමකම් කියනු ලැබූ කයිට්ස් දූපතෙහි පිහිටි නාගදීප විහාරයේ පැවති අතර, ඒ සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සමගින් නාවික සහ ගුවන් හමුදාපතිවරුන් සහභාගිවූහ. මෙහිදී හමුදාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් නවදාගල පදුමකිත්ති ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා සඳහා කඨින චීවර හා දානය ද පිරිනමනු ලැබීය. කඨින පූජාවෙන් අනතුරුව යුද හමුදාපතිතුමා නාගදීපයෙහි නාග පූසානි අම්මාන් කෝවිලෙහි පැවති පූජෝත්සවය සඳහා ද සහභාගි වූහ. එදින වැඩසටමහනේ දෙවන අදියරේදී යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්තගේ ආරාධනයෙන් තල් සෙවණ නිවාඩු නිකේතනයේ නවතමයෙන් ඉදි කරනු ලැබූ සුභෝපභෝගී කාමර දෙකක් ද විවෘත කරනු ලැබීය. උතුරු මුහුද සමගින් අවට පරිසරය මනාව දර්ශණය වන පරිදි මෙම නව කාමර දෙක ඉදි කිරීම සඳහා දායක වූ සියලු දෙනා හට යුද හමුදාපතිතුමන් මෙම අවස්ථාවේ දී ස්තුතිය පිරිනමනු ලැබීය. අනතුරුව යුද හමුදාපතිතුමා විසින් 7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකා අණ දෙන නිළධාරිනියගේ ආරාධනයෙන් මයිලඩි ප්‍රදේශයේ නවතමයෙන් ඉදි කරනු ලැබූ නිළධාරී නිවස්නය විවෘත කරනු ලැබීය. මෙහිදී 7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ අණ දෙන නිළධාරිනී මේජර් නයෝමි රත්නායක විසින් යුද හමුදාපතිතුමා පිළිගැනීමෙන් අනතුරුව සම්ප්‍රදායානුකූලව පොල් තෙල් පහන දල්වා නව නිළධාරී නිවස්නය විවෘත කිරීම සඳහා යුද හමුදාපතිතුමා කැටුවාගෙන යනු ලැබීය. මෙම අවස්ථාවන් සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිතුමා සමගින් නිළධාරීන් බොහෝ පිරිසක් ද සහභාගි වූහ.