සපුගස්කන්ද මාණ්ඩලික විද්‍යාලයේ පුහුණුව හැදෑරු නිලධාරීන් වෙත අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් උපාධි පිරිනමයි

15th December 2023

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයීය පාඨමාලා අංක - 17 හි උපාධි ප්‍රදානෝත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (14) දින පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණු අතර, එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සහභාගි විය.

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ට රාජ්‍ය පරිපාලන ක්‍රියා පටිපාටිය පිළිබඳව දැනුම ලබාදීමට සහ අණ හා මාණ්ඩලික ශිල්පීය ක්‍රම පිළිබඳ දැනුම ලබාදෙමින් අනාගතයේ එම නිලධාරින් විවිධ මාණ්ඩලික තනතුරු හෙබවීමේදී සහ අභියෝගවලට මුහුණදීමේදී ඵලදායි අයුරින් කටයුතු කිරීමේ ගුණාංග ප්‍රවර්ධනය කිරීම මෙම පාඨමාලාවෙන් සිදුවේ. තවද, මෙම පාඨමාලාව සඳහා තෝරාගත් ත්‍රිවිධ හමුදාවේ මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිස් නිලධාරින්, විදේශීය රටවල ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ රාජ්‍ය ආයතනයන්හි නිලධාරින් ද සහභාගී වූහ.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ජනාධිපතිතුමන්, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්ලිව්වී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්ලිව්වී ආර්එස්පී එන්ඩීයූ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ ආර්එස්පී (දෙවරක්), වීඑස්වී, යූඑස්පී, එම්එස්සී (එම්ඕඒ) ඇමරිකා එක්සත් ජනපදය, එම්එස්සී (ආරක්‍ෂක අධ්‍යයන) කළමණාකරන, එම්ඒ අයිඑස් සහ එස් (එක්සත් රාජධානිය), බීඑස්සී (ආරක්‍ෂක අධ්‍යයන), එම්අයිඑම් (ශ්‍රී ලංකා), ඒඑම්අයිඊ (ශ්‍රී ලංකා), ආර්සීඩීඑස්, පීඑස්සී සහ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල් රොඩ්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ඇතුළු පිරිස විසින් ඉතා උණුසුම් පිළිගැනීමෙන් අනතුරුව උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ‘පීඑස්සී’ මාණ්ඩලික පාඨමාලා අංක 17 සඳහා බංගලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, නේපාලය, පාකිස්ථානය, රුවන්ඩාව, සවුදි අරාබිය, සෙනගාලය සහ සැම්බියාව යන රටවල් නියෝජනය කරමින් සහභාගී වූ විදේශීය නිලධාරින් 25 දෙනෙකු ඇතුළු උපාධි අපේක්‍ෂක නිලධාරින් 148 දෙනෙකු සහභාගි වූහ. මෙම පාඨමාලාව යුද්ධ හමුදා නිලධාරීන් 72 දෙනෙක්, නාවික හමුදා නිලධාරීන් 26 දෙනෙක් ගුවන් හමුදා නිලධාරීන් 24 දෙනෙකු සහ එක් පොලිස් නිලධාරියෙකු හදාරනු ලැබීය. පාඨමාලාවේ අවසන් දින උත්සවය සඳහා සහභාගී වූ කීර්තිමත් විද්වතුන් සහ ආරාධිතයන් පිරිසකගේ සහභාගීත්වයෙන් එම උපාධිධාරි නිලධාරින් වෙත ‘පීඑස්සී’ උපාධිය පිරිනැමූහ.

මෙම උපාධි ප්‍රදානෝත්සවය සඳහා ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා, රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන් සහ අනෙකුත් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයීය කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් සහ එම විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල් රොඩ්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරින්, උපාධිදාරි නිලධාරින්ගේ ළඟම ඥාතීන් ද සහභාගී වූහ.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්, ආරක්‍ෂක ලේකම්තුමන් සහ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායකතුමන් විසින් පාඨමාලාවේ දක්‍ෂතා දැක්වූ නිලධාරින් වෙත විශේෂ සම්මාන ප්‍රදානය කළහ.

විශේෂ සම්මාන හිමිකරගත් නිලධාරින් පහතින් දැක්වේ

‘GOLDEN OWL’ සම්මානය

1. උපාධිලාභී යුද්ධ හමුදා නිලධාරින්

ඒ. ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ඩබ්ලිව්.බී.සී.ඩී විජේපාල

බී. ඉන්දීය යුද්ධ හමුදාවේ මේජර් රෝහිත්.

2. උපාධිලාභී නාවික හමුදා නිලධාරින්

ඒ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ජේ.එම්.එච්.අයි බණ්ඩාර

බී. ඉන්දීය නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් සනී ෂර්මා

3. උපාධිලාභී ගුවන් හමුදා නිලධාරින්

ඒ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බලඝණ නායක ජී.ඩී.ඩී.පී සේනාරත්න

බී. ඉන්දීය ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් එස් මහාජන්

සේනාවිධායකතුමන්ගේ ගෞරව සම්මානය

1. උපාධිලාභී යුද්ධ හමුදා නිලධාරින්

ඒ. ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ඩබ්ලිව්.බී.සී.ඩී විජේපාල

බී. කමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් එම්.එල්.ටී.පී ලියනආරච්චි

සී. බංග්ලාදේශ යුද්ධ හමුදාවේ මේජර් එම්.ඩී ජුබීර් අලාම් පිඑස්සී

ඩී. එක්සත් ජනපද යුද්ධ හමුදාවේ මේජර් හැරී ජිම්

2. උපාධිලාභී නාවික හමුදා නිලධාරින්

ඒ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ජේ.එම්.එච්.අයි බණ්ඩාර

බී. ඉන්දීය නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් සනී ෂර්මා

3. උපාධිලාභී ගුවන් හමුදා නිලධාරින්

ඒ.ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බලඝණ නායක ජී.ඩී.ඩී.පී සේනාරත්න

‘GOLDEN PEN’ සම්මානය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ජේ.එම්.එච්.අයි බණ්ඩාර