විශ්‍රාම දිවියට පා තබන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් යුද්ධ හමුදාධිපති හමුවෙයි
11th August 2023
වසර 34 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එච්.එම්.යූ. හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ඇතුළු සිය පවුලේ සාමාජිකයන් බ්‍රහස්පතින්දා (10) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
මෙම සුහද හමුවේදී, අතීත මතකයන් පිළිබඳ සිහිපත් කරමින් සුහදව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් එච්.එම්.යූ. හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී 2009 මැයි මාසයට ප්‍රථම පැවති මානුෂීය මෙහෙයුමේ උච්චතම අවස්ථාවේදී කැපවීමෙන් හා පරාර්ථකාමීත්වයෙන් යුතුව විවිධ වගකීම් ඉටුකරමින් කළ අමිල සේවය පිළිබඳ මතකාවර්ජනය කරනු ලැබීය. සටන්බිමේ දැක්වූ නිර්භීතකම හේතුවෙන් එතුමන් වෙත ‘රණවික්‍රම පදක්කම’ පස් වතාවක් සහ ‘රණශූර පදක්කම’ දෙවතාවක් පිරිනමා ඇත.
යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් එච්.එම්.යූ. හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී මෙම අවස්ථාවට ආරාධනා කිරීම සබැඳිව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළ අතර, 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති වශයෙන් රාජකාරී හොබවන කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාව පුදකළේය.
මෙම අවස්ථාවට සහභාගි වූ මේජර් ජෙනරල් එච්.එම්.යූ. හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ගේ පවුලේ සාමාජිකයන් සමඟ සුහද අදහස් හුවමාරුවක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සිය සුබපැතුම් එක්කළේය. මේ වනවිට කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කෙටෙඩ් නිලධාරි පුහුණු පාඨමාලාව හදාරමින් සිටින විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ වැඩිමහල් පුතනුවන් වෙනුවෙන් ද මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන් සුබපැතුම් එක්කළේය.
සුහද හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් සහ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
මේජර් ජෙනරල් එච්.එම්.යූ. හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී වර්ෂ 1989 ජනවාරි මස 20 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පුහුණු පාඨමාලා අංක 30 ‘ඒ’ යටතේ මූලික පුහුණුව සාර්ථකව හැදෑරීය. අනතුරුව, දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදාවට අනුයුක්ත කෙරුණු එතුමන් 2007 පෙබරවාරි මස 04 දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අනුයුක්ත කෙරිණි. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වර්ෂ 2022 මැයි මස 18 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.
විශ්‍රාම ලබන විට එතුමන් 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති ධූරයන් හොබවමින් සිටියේය. එතුමන්ගේ කීර්තිමත් සේවා කාලය තුළ 3 ශ්‍රී ලංකා පාබල හමුදාවේ ඛණ්ඩභාර නිලධාරි, බුද්ධි නිලධාරි, විධායක අධිකාරි සහ නිලධාරි අණදෙන, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (පුහුණු සහ ආධාරක), 3 ශ්‍රී ලංකා පාබල හමුදාවේ ක්‍රියාන්විත හා පුහුණු නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (ක්‍රියාන්විත), දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ ක්‍රියාන්විතයන්හි හමුදා නිරීක්‍ෂක, ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ නිලධාරි උපදේශක, 22 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (ක්‍රියාන්විත), ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ විධායක අධිකාරි, 1 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ අණදෙන නිලධාරී (පුහුණු අංශය), ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක හා උපාය මාර්ගික අධ්‍යයන පීඨයේ පීඨාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ ස්වාධීන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේ කාර්යයේ නියුතු මධ්‍යස්ථාන සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් ශාඛාවේ කර්නල් (යුද සේවා ලේකම්), 544 සහ 652 පාබල බලසේනාවන්හි බලසේනාධිපති, යුද්ධ හමුදා පුහුණු අණසක අධ්‍යක්‍ෂ (සංකල්ප හා අධීක්‍ෂණ) සහ 52 හා 53 පාබල සේනාංකයන්හි සේනාංකාධිපති වැනි ප්‍රධාන ධුරයන් රැසක් හොබවා ඇත.
මේජර් ජෙනරල් එච්.එම්.යූ. හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී සිය හමුදා දිවිය තුළ කණ්ඩායම් භාර නිලධාරි පාඨමාලාව, ඛණ්ඩභාර නිලධාරි උපක්‍රමික පාඨමාලාව, නිලධාරීන් සඳහා වූ ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් මූලික උපදේශක පාඨමාලාව, නිලධාරීන් සඳහා වූ ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් උසස් පාඨමාලාව, මූලික පැරෂුට් පාඨමාලාව, ඒකක අණදෙන්නන්ගේ පාඨමාලාව, එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩල පෙර පුහුණු පාඨමාලාව, නිලධාරීන්ගේ ශාරීරික පුහුණු පාඨමාලාව - පාකිස්ථානය, තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, පාබල බලඇණි අණදෙන්නන්ගේ පාඨමාලාව - චීනය සහ ජාතික ආරක්‍ෂව හා යුද පාඨමාලාව - පාකිස්ථානය, බුද්ධි නිලධාරී පාඨමාලාව, කාලතුවක්කු නිරීක්‍ෂණ පාඨමාලාව, බලඇණි ආධාරක අවි නිලධාරී පාඨමාලාව, ගුවන් සංග්‍රමික පාඨමාලාව, නිලධාරී ක්‍රියාන්විත මාණ්ඩලික රාජකාරි පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, තොරතුරු තාක්‍ෂණ පාඨමාලාව, විභව නිරීක්‍ෂක මාණ්ඩලික නිලධාරී පාඨමාලාව, මූලික භාවනායෝගී සහ ක්‍රියාවලි වැඩමුළු පාඨමාලාව, පුද්ගලික පරිගණක මෙහෙයුම් මට්ටමේ යුද ක්‍රීඩා අණ සහ පාලන පාඨමාලාව, මූලික ශිෂ්‍යභට පාඨමාලාව - ඉන්දියාව, තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - පාකිස්ථානය, නිලධාරී අවි පාඨමාලාව - බංගලාදේශය, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, හමුදා නිරීක්‍ෂක පාඨමාලාව - කෙන්යාව, එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් පුහුණු පාඨමාලාව - බංගලාදේශය සහ උසස් ආරක්‍ෂක කළමනාකරණ පාඨමාලාව - ඉන්දියාව වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හොබවා ඇත.
එතුමන් ඉන්දියාවේ ඔස්මානියා විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයේ ආරක්‍ෂක උපදේශක/උපදේශකයින් සඳහා වූ පුහුණු වැඩසටහන වැනි උසස් අධ්‍යාපන සුදුසුකම් ද සපුරා ඇත.