ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ 13 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම රාජකාරී නිමාවෙන් පසුව දිවයිනට පැමිණෙයි
1st March 2023
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ (UNIFIL) ශ්‍රී ලංකා යුද්ධ හමුදා 13 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම (SLFPC) රාජකාරී නිමාවෙන් පසුව බදාදා (මාර්තු 01) දින දිවයිනට පැමිණෙන ලදී.
එක් නිලධාරියෙකු සහ සෙසු නිලයින් 89 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පළමු අධියරේදී බදදා (මාර්තු 01) දින දිවයිනට පැමිණි අතර, ඉතිරි කණ්ඩායම බ්‍රහස්පතින්දා (මාර්තු 02) දින ලෙබනනය බලා පිටත්ව යාමට නියමිත 14 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම වෙත එම රාජකාරින් භාරදීමෙන් පසුව මෙරටට පැමිණීමට නියමිතව ඇත.
දිවයිනට පැමිණි 13 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම පිළිගැනීම සඳහා ගුවන් තොටුපළ වෙත ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, නිලධාරීන් සහ ඥාතීන් කිහිප දෙනෙකු පැමිණ සිටියහ.
නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසු නිලයන් 115 ක් ඇතුළත් යුද්ධ හමුදාවේ 13 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම 2022 පෙබරවාරි 27 වන දින ලෙබනනය බලා පිටත්ව යනු ලැබූහ.