ධූර කාලයෙන් නික්ම යන ජපන් තානාපති යුද්ධ හමුදාධිපති හමුවෙයි
19th October 2021
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු අකීරා සුගියාමා මහතා (Mr Akira Sugiyama) සිය ධූර කාලය නිමාකර ශ්‍රී ලංකාවෙන් නික්මයාමට ප්‍රථම අඟහරුවාදා (19) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
මෙම සුහද හමුවේදී, එතුමන්ගේ ධූර කාලය තුල ලබාදුන් සහයෝගය වෙනුවෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත සිය ස්තූතිය පුදකළේය.
මෙම සුහද හමුවේ සමාප්තිය සනිටුහන් කරමින් අතිගරු අකීරා සුගියාමා මහතා සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුවිය.
මෙම සුහද හමුව සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ දෙවන ලේකම් ෆුකූරා ගාකු මහතාද (Mr Fukaura Gaku) එක්වූහ.