ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන විද්වත් සම්මුඛ සාකච්ඡාවට ත්‍රිවිධ හමුදාධිපතිවරු එක්වේ
19th May 2021
ස්වර්ණවාහිනී නාලිකාවේ අද (19) දින රාත්‍රි 1015 ට විකාශය වන ‘දොලොස්වෙනි විජයග්‍රාහණයේ අභිමානවත් සැමරුම’ විද්වත් සම්මුඛ සාකච්ඡාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ එක්වේ. එහිදී, දශක තුනකට අධික කාලයක් එල්ටිටිඊ ත්‍රස්තවාදින් සමඟ පැවති කුරිරු යුද්ධයේ අමතක නොවන මතකයන් සිහිපත් කරනු ලබයි.
.