යුද්ධ හමුදා භටපිරිස් පොලිසිය සමඟ එක්ව ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කල ස්ථානයක් වටලයි

14th March 2021

අඩ්ඩාපල්, අක්කරේපත්තු ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් නෝට්ට් මුද්‍රණය කල ස්ථානයක් පසුගිය සඳුදා (15) දින යුද්ධ හමුදා භටපිරිස් සහ පොලිසිය එක්ව වැටලුහ.

ඒ සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 3 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් දායක වූහ. එහිදී ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් 800,000/= ක මුදල් නෝට්ටු අත්අඩංගුවට ගැනීමට ඔවුන් සමත්වුහ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු ප්‍රශ්න කිරීම සඳහා අක්කරේපත්තු පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා භාවිතා කල ස්කෑනර් යන්ත්‍රයක්, මුද්‍රණ යන්ත්‍රයක් සහ එම කටයුතු සඳහා යොදාගත් බවට සැක කෙරෙන වාහනයක් අත්අඩංගුවට ගෙන ඇත. |