දියතලාවේ ඉදිකෙරෙන සුභසාධන වෙළඳසැල් සංකීර්ණය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමියගේ නිරීක්‍ෂණයට

26th February 2021

දියතලාවේ ඉදිකරමින් පවතින යුද්ධ හමුදා සුභසාධන වෙළඳසැල් ගොඩනැගිලි සංකීර්ණයේ ප්‍රගතිය පිළිබඳ සොයාබැලීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය පසුගිය බ්‍රහස්පතින්දා (25) දින එම පරිශ්‍රයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වූහ.

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධනය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් දිවයින පුරා යුද්ධ හමුදා සුභසාධන වෙළඳසැල් සංකීර්ණ ඉදිකෙරෙමින් පවතී. දියතලාව ආශ්‍රිතව යුද්ධ හමුදා භටපිරිස් වැඩි වශයෙන් ස්ථානගතව සිටින නිසා ඔවුන්ගේ සුභසාධන අවශ්‍යතා පහසු කරලීම සඳහා ප්‍රමුඛත්වය මත මෙම සුභසාධන වෙළඳසැල් සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබීය.

නිරීක්‍ෂණ චාරිකාවේ නිරත යුද්ධ හමුදාධිපතිතුමන් හා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය ඉදිකිරීම් කටයුතු භාරව කටයුතු කරන යුද්ධ හමුදා ඉංජිනේරු බලකා සාමාජිකයින් සමඟ සිය අදහස් හුවමාරු කරගත් අතර ඒ වෙනුවෙන් අවශ්‍ය උපදෙස් ද ඔවුන් වෙත ලබාදෙන ලදී.

මෙම නිරීක්‍ෂණ චාරිකාව සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රංජන් ලමාහේවා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ. |