අරලියගහ මන්දිරයේ පැවැති රාජ්‍ය තාන්ත්‍රික උත්සවයට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානිට ඇරයුම්
24th February 2021
දෙදින නිල සංචාරයක් සඳහා පසුගියදා මෙරටට පැමිණි පාකිස්තාන ගරු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙත ගෞරවාචාර දැක්වීම සඳහා භෝජන සංග්‍රහයක් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් අඟහරුවාදා (23) දින කොළඹ 03 පිහිටි අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
පකිස්තාන සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරු, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කථානායක, පකිස්තාන සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරු සහ ශ්‍රී ලංකාවේ පකිස්තාන මහකොමසාරිස් මෙම භෝජන සංග්‍රහයේ මුලසුන හෙබවූහ. තවද, මෙම අවස්ථාවට පකිස්තාන අග්‍රාමාත්‍යතුමන් සමඟ පැමිණි සාමාජිකයින් 40 දෙනෙකු, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, පොලිස්පති, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිතයින් රැසක් සහභාගි වූහ. නර්තන සහ සංස්කෘතික අංගයන් මෙම අවස්ථාව වර්ණවත් කරන ලදී. |