දෙවැනි දිනයේදී තවත් යුද්ධ හමුදා සාමාජිකයින් 7500 කට ‘AstraZeneca Covishield’ එන්නත් කෙරේ
30th January 2021
කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ සටනේ පෙරමුණේ කටයුතු කරන යුද්ධ හමුදා සාමාජිකයින් අතර ‘AstraZeneca Covishield’එන්නත එන්නත් කිරීම දිවයින පුරා ව්‍යාප්ත යුද්ධ හමුදා රෝහල් සහ සැරහුම් මධ්‍යස්ථානයන්හිදී සිදුකෙරේ. ඒ අනුව, සිදුවෙමින් පවතින අතර මේ වනවිට පලාලි යුද්ධ හමුදා මූලික රෝහල, අනුරාධපුර යුද්ධ හමුදා රෝහල, මන්නාරම ක්ෂේත්‍ර රෝහල,වවුනියාව ක්ෂේත්‍ර රෝහල, මින්නේරිය යුද්ධ හමුදා මූලික රෝහල, අම්පාර සටන් පුහුණු පාසල, කිලිනොච්චි යුද්ධ හමුදා මූලික රෝහල, මුලතිව් යුද්ධ හමුදා මූලික රෝහල, කොළඹ යුද්ධ හමුදා රෝහල, පනාගොඩ යුද්ධ හමුදා කඳවුර, 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය,දියතලාව යුද්ධ හමුදා රෝහල, 11 වන සේනාංකයේ ප්‍රධාන සැරහුම් මධ්‍යස්ථානය,12 වන සේනාංකයේ ප්‍රධාන සැරහුම් මධ්‍යස්ථානය, 22 වන සේනාංකයේ ප්‍රධාන සැරහුම් මධ්‍යස්ථානය සහ 61 වන සේනාංකයේ ප්‍රධාන සැරහුම් මධ්‍යස්ථානයේදී එන්නත් ලබාදීම සිදුකෙරෙමින් පවතී.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (30) දින පලාලි යුද්ධ හමුදා රෝහලේ එන්නත් කිරීම් කටයුතු සිදුකරන ආකාරය නිරීක්‍ෂණය කරනු ලැබීය. එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් එන්නත් ලබාගැනීමට සූදානම්ව සිටි වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්, වැඩසටහනේ නිරත වූවන් සහ යුද්ධ හමුදා භටපිරිස් සමඟ ද අදහස් හුවමාරු කරගත්තේය.
සෑම මධ්‍යස්ථානයකටම එන්නත් 500 ක් බැගින් ලබාදී ඇති අතර දවසේ ඉලක්කය එන්නත්ක් 7500 එන්නත් කර අවසන් කිරීම වේ.එන්නත් ලබාදීමේ පළමු වටයේදී සැලසුම් කල පරිදි අද (30) දින සිට ඉදිරි දින 03 තුළ යුද්ධ හමුදා සාමාජිකයින් අතර එන්නත් 31,000 ක් ලබාදී අවසන් කිරීමට යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම් අපේක්‍ෂා කරති.
නාරහෙන්පිට පිහිටි කොළඹ යුද්ධ හමුදා රෝහලේ සහ පනාගොඩ යුද්ධ හමුදා රෝහලේ යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම් විසින් පසුගිය සිකුරාදා (29) දින කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විතයේ නිරත යුද්ධ හමුදා සාමාජිකයින් අතර ‘AstraZeneca Covishield’එන්නත් 1000 ක් එන්නත් කිරීම සම්පූර්ණ කරන ලදී.එහි සමාරම්භක උත්සවය පසුගිය සිකුරාදා (29) දින නාරාහෙන්පිට යුද්ධ හමුදා රෝහලේදී කොවිඩ් - 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහයුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. |