තුර්කි තානාපති හා යුද හමුදාපති අතර හමුවක්
4th November 2015
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හා තුර්කි රජයේ තානාපති ටුන්කා සුහාදර් මහතා අතර සුහද හමුවක් යුද හමුදා මූලස්ථානයේ දී බදාදා (04) පස්වරුවේ සිදුවිනි. දෙපාර්ශවයටම වැදගත් වන කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළ අතර, එහි දී විවිධ පළාත්වල ඉදිරියේ දී සිදු කිරීමට නියමිත යුද හමුදා ව්‍යාපෘති පිළිබඳව ද සුහද සහයෝගිතාව වර්ධනය කර ගැනීම පිළිබඳව ද මෙම හමුවේ දී කතිකා කෙරුනි. සමරු තිළිණ හුවමාරුවකින් අනතුරුව මෙම අනෝන්‍ය සුහදත්වය වර්ධනය කෙරෙන හමුව නිමාවට පත් විය. යුද හමුදා ලේකම් මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු නිලධාරින් පිරිසක් ද මීට එක්වූහ.