යුද්ධ හමුදා භටපිරිස් ජල පිරිපහදු යන්ත්‍රයක් ඉදිකරයි

වකුගඩු රෝගයෙන් පීඩාවට පත්ව සිටින ගම්වැසියන් සඳහා ආරක්‍ෂිත පානීය ජලය ලබාදීමේ අරමුණින්, ‘රන්දිය’ ජල පවිත්‍රකරණ ව්‍යාපෘතිය යටතේ 2025 මැයි මස 30 දින කොහොඹන්කුලම ගම්මානයේ ජල පිරිපහදු යන්ත්‍රයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබීය. එම ජල පිරිපහදු යන්ත්‍රය 2025 අගෝස්තු මස 26 දින විවෘත කරනු ලැබීය.

ආචාර්ය ආරියරත්නම් ගෝබික්‍රිෂ්ණා මහතාගේ මූල්‍යමය දායකත්වයෙන් සිදුකරන ලද මෙම ව්‍යාපෘතිය මේජර් ජෙනරල් (විශ්‍රාමික) රවී රත්නසිංහම් විසින් සම්බන්ධීකරණය කරන ලද අතර, 1 සහ 9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවන්හි භටපිරිස්හි ශ්‍රම දායකත්වය ලබා දෙනු ලැබූහ.

විවෘත කිරීමේ අවස්ථාවට 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඩී.එම්.එල් සමරදිවාකර RWP RSP ndc psc, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, රාජ්‍ය නිලධාරින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද සහභාගි වූහ.