යුද්ධ හමුදා භටපිරිස් විසින් නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙයි

22 පාබල සේනාංකයේ අධීක්‍ෂණය යටතේ 2(ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකරන ලදී.

මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධීකරණය යටතේ නන්දා රත්නායක මහත්මිය සහ එතුමියගේ පවුලේ සාමාජිකයන් විසින් නිවසේ ඉදිකිරීම් ද්‍රව්‍ය සහ ගෘහ භාණ්ඩ සඳහා මූල්‍ය අනුග්‍රාහකත්වය දක්වන ලදී.

ඉදිකරන ලද නව නිවස 2025 අගෝස්තු මස 23 දින 22 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ.යූ.ඒ සෝලංගආරච්චි RSP ndc psc විසින් ප්‍රතිලාභී පවුල වෙත භාර දෙන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගි වූහ.