මානව හිමිකම් හා මානුෂවාදී නීති උපදේශකයන් වෙනුවෙන් වැඩමුළුවක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර විසින් එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු මානව හිමිකම් හා මානුෂවාදී නීති උපදේශකයන් වෙනුවෙන් 2025 ජූලි මස 29 සිට 31 දින දක්වා එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී තෙදින වැඩමුළුවක් පැවැත්විය.

මානව හිමිකම් හා මානුෂවාදී නීති උපදේශකයන්ගේ දැනුම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මෙම වැඩමුළුව පවත්වන ලදී.

වැඩමුළුවේ ස්තූති කථාව පැවැත්වූ නීති සේවා, මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ කර්නල් කේ.ඒ.පී කුරුප්පු USP විසින් මානව හිමිකම් ප්‍රමිතීන් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්‍ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාර්යභාරය පිළිබඳව අවධාරණය කරන ලදී.

වැඩමුළුවේ සමාප්තිය සනිටුහන් කරමින් සහතිකපත් ප්‍රදානය කෙරුණු අතර, මෙම වැඩමුළුව සඳහා නිලධාරි උපදේශකවරුන් 08 දෙනෙකු සහ සෙසුනිල උපදේශකවරුන් 15 දෙනෙකු සහභාගි වූහ.