7 බලඅණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්. එම්.ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc ගේ මඟපෙන්වීම යටතේ සහ 23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 7 බලඅණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 ජුනි මස 29 දින පූනානි ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකර ප්‍රදානය කරන ලදී.

නිවස ඉදිකිරීම සඳහා ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලසන්ත බණ්ඩාර, නිලූකා අල්කඩුව, සංජය එදිරිසිංහ සහ අනුරාධා නානායක්කාර යන මහත්ම මහත්මීන්ගේ අනුග්‍රාහකත්වය හිමි වූහ.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, අනුග්‍රාහක භවතුවන්, පොලිස් නිලධාරින් සහ සිවිල් වැසියන් රැසක් සහභාගි වූහ.