25th June 2025
51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ මුතුමාල USP psc ගේ මඟපෙන්වීම මත එම සේනාංකය, 512 පාබල බලසේනාව සහ 14 බලඇණිය ගජබා රෙජිමේන්තුව යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2025 ජුනි මස 19 දින යාපනය, නමශිවායි විද්‍යාල පරිශ්‍රයේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc සහභාගි විය.
මෙම වැඩසටහනේදී, යාපනය රියෝ අයිස්ක්‍රීම් වෙළඳසැලෙහි හිමිකරු ආර්. භාස්කරන්, තේනු ෆුඩ් සිටි වෙළඳසැලෙහි හිමිකරු ටී. මොහනරස් යන මහත්වරුන් සහ යාපනය විශ්වවිද්‍යාලයේ වී. නිදුෂා මහත්මියගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසු සිසුවියන් හතළිස් දෙනෙකු වෙත පාසල් බෑග් සහ පොත් පරිත්‍යාග කරන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, එම විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ගුරු භවතුන්, දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.