යුද්ධ හමුදා මූලස්ථානයේ නව මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂ සිය ධූරයේ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ 40 වන මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බ්‍රිගේඩියර් ආර්.ආර්.එම්.පී.එන්.බී බඹරදෙණිය RWP RSP USP ndu psc විසින් 2025 සැප්තැම්බර් මස 10 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරීන් භාර ගන්නා ලදී.

මෙම අවස්ථාවට එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධ‍ාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.