විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ආරක්‍ෂක සේනා නියෝජ්‍ය ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේ.කේ.ආර් ජයකොඩි RWP USP, 2025 දෙසැම්බර් මස 12 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳ කෙටි විස්තරයක් පහතින් දැක්වේ:

1991 ජනවාරි මස 02 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 35 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ජේ.කේ.ආර් ජයකොඩි RWP USP දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1992 අගෝස්තු මස 29 දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 ජූලි මස 16 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 දෙසැම්බර් මස 24 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ආරක්‍ෂක සේනා නියෝජ්‍ය ආඥාපති - බටහිර යන ධූරයන් හෙබවීය.

විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී, 6 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කණ්ඩ භාර නිලධාරී, 12 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ විධායක අධිකාරි, 6 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන, 12 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (පුහුණු), 4 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක, 522 පාබල බලසේනාවේ බලසේනා මේජර්, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II, යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II, යුද්ධ හමුදා මූලස්ථානයේ හමුදාධිපති ආරක්‍ෂක ඒකකයේ නිලධාරි අණදෙන, 3 වන ආධාරක බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කාර්යයේ නියුක්ත අණදෙන නිලධාරි, 26 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි වැනි ධූරයන් රැසක් හොබවන ලදී.

එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් යුද්ධ හමුදා මූලස්ථාන ගමන් පාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි I, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (සම්බන්ධීකරණ), මිහිඳු සෙත් මැදුර සුවතා නිකේතනයේ මාණ්ඩලික නිලධාරි I, 52 පාබල සේනාංකයේ කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාවේ කර්නල් (උපකරණ මාස්ටර් ජෙනරාල්), 211 පාබල බලසේනාවේ කාර්යයේ නියුක්ත බලසේනාධිපති, 533 පාබල බලසේනාවේ බලසේනාධිපති, යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථායේ මධ්‍යස්ථාන සේනාවිධායක, 64 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති, ආරක්‍ෂක සේනා නියෝජ්‍ය ආඥාපති - බටහිර වැනි ධූරයන් රැසක් හොබවන ලදී.

එසේම, යුද්ධ හමුදා සේවා කාලය තුළදී දැක්වූ කැපවීම සහ නිර්භීතකම අගයමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි රණ වික්‍රම පදක්කමෙන් සහ උත්තම සේවා පදක්කමෙන් පිදුම් ලැබීය.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය යුද්ධ හමුදා සේවා කාලය තුළදී රෙජිමේන්තු සංඥා නිලධාරින්ගේ පාඨමාලාව, කාලතුවක්කු නිරීක්‍ෂණ පාඨමාලාව, සන්නද්ධ ගැටුම් නීතිය සහ මානව හිමිකම් පාඨමාලාව, බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලාව, කනිෂ්ඨ මාණ්ඩලික නිලධාරි පාඨමාලාව, සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ කුසලතා පාඨමාලාව, නිරීක්‍ෂණ සහ මාණ්ඩලික නිලධාරින්ගේ පාඨමාලාව, ජාත්‍යන්තර මානුෂීය නීති උපදේශක පාඨමාලාව (ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය විසින් පවත්වන ලද), සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ කුසලතා පාඨමාලාව (ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨය මගින් පවත්වන ලද) ආදී දේශීය පුහුණු පාඨමාලා රැසක් හදාරන ලදී.

එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නිලධාරි ශාරීරික අභ්‍යාස පුහුණු පාඨමාලාව - පාකිස්ථානය, පැරෂුට් පුහුණු පාඨමාලාව - පාකිස්ථානය, තරුණ නිලධාරීන්ගේ උපාය මාර්ගික පාඨමාලාව - පාකිස්ථානය, කනිෂ්ඨ අණදෙන නිලධාරින්ගේ පාඨමාලාව - ඉන්දියාව, හමුදා ප්‍රේරණ පුහුණු පාඨමාලාව - හයිටි, ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව ආදී විදේශීය පුහුණු පාඨමාලා රැසක් හදාරන ලදී.

තවද, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව (ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය මගින් පවත්වන ලද), ජ්‍යෙෂ්ඨ මට්ටමේ ආරක්‍ෂක කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව (ඉන්දියාවේ දේවි අහිල්‍යා විශ්වවිද්‍යාලයෙන්), ශ්‍රී ලංකා පරිගණක නිපුණතා පිළිබඳ පාඨමාලාව (ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය මගින් පවත්වන ලද) වැනි වෘත්තීය සුදුසුකම් ද සිය සේවා කාලය තුළදී සපුරා ගන්නා ලදී.