24th December 2025
නීති සේවා, මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීති අධ්යක්ෂ මණ්ඩලය මගින් මෙහෙයවනු ලැබූ මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීති පාඨමාලව අංක - 31 නිලධාරි 2025 නොවැම්බර් මස 24 දින සිට දෙසැම්බර් මස 23 දින දක්වා කුකුළේගඟ, ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී පවත්වන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් 19 දෙනෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 5 දෙනෙකු සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 3 දෙනෙකුගෙන් සමන්විත ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 27 දෙනෙකු මෙම පාඨමාලාව සාර්ථකව නිම කළ අතර, මෙම පාඨමාලාවේ අරමුණ වූයේ සන්නද්ධ හමුදා සාමාජිකයන් අතර වෘත්තීය දැනුම වැඩි දියුණු කිරීම සහ මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ සංකල්ප පිළිබඳ පුළුල් අවබෝධයක් වර්ධනය කිරීමයි. මෙම පාඨමාලාවේ දේශන සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දේශකයන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ ගුවන් හමුදාවේ උපදේශක නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද දායකත්වය ලබා දෙන ලදී. තවද, ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සන්නද්ධ සහ ආරක්ෂක වැඩසටහන් උපදේශක චන්න ජයවර්ධන මහතා ද දේශන පවත්වන ලදී.
සහතික පත්‍ර ප්රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා විධායක ජෙනරාල්, මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා RSP ndu psc සහභාගී වෙමින් සමාප්ති දේශනය පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා නීති සේවා, මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීති අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ, ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් ද සහභාගී වූහ.