30th August 2025
ප්‍රදේශයේ ක්‍රීඩා හා තරුණ කටයුතු සංවර්ධනය කිරීමේ අරමුණින් කල්ලාරු දමිළ මහා විද්‍යාලයේ නවතමයෙන් ඉදිකරන ලද නෙට්බෝල් පිටිය 2025 අගෝස්තු මස 27 දින විවෘත කරනු ලැබීය.
එම පාසල් විදුහල්පතිතුමන්ගේ ඉල්ලීමකට අනුව 14 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් මෙම නෙට්බෝල් පිටිය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සිදු කරන ලදී.
සමාරම්භක අවස්ථාවේදී ධර්මපුරම් ජාතික පාසල සහ මුරුගානන්ද මහා විද්‍යාලය අතර ප්‍රදර්ශන තරඟයක් පැවැත්විය. උත්සවය අතරතුරදී, පරිත්‍යාගශිලියෙකුගේ අනුග්‍රාහකත්වය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිසුවියන් වෙත ක්‍රීඩා උපකරණ සහ නිල ඇඳුම් පරිත්‍යාග කරණ ලදී.
මෙම අවස්ථාවට කිලිනොච්චිය වැඩබලන දිස්ත්‍රික් ලේකම් එස්. මුරලිදරන්, 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.ඒ.බී විජේකෝන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ රාජ්‍ය නිලධාරින් පිරිසක් ද සහභාගි වූහ.