2nd December 2025
මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයේ මෙහෙයුම් සඳහා සූදානම් වීමේ අරමුණින් පවත්වන ලැබූ ගුවන් හමුදා භඨ කණ්ඩායම් පෙර පුහුණු වීම් පාඨමාලාව අංක - 11 අදියර II, 2025 නොවැම්බර් මස 21 වන දින ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ දී අවසන් විය.
පාඨමාලාවේ අවසන් දින උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් වයි.එම්.එස්.සී.බී ජයතිලක RSP USP විසින් සමාප්ති දේශන සිදුකර පාඨමාලාවට සහභාගී වූ පිරිස් වෙත සහතිකපත් ප්‍රදානය කරන ලදී.
එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් පිළිබඳව න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් 2025 ඔක්තෝබර් මස 27 දින සිට නොවැම්බර් මස 21 දින දක්වා පවත්වන ලද මෙම පාඨමාලාව සඳහා ගුවන් හමුදාවේ නිලධාරින් 3 දෙනෙකු සහ සෙසුනිලයන් 21 දෙනෙකු සහභාගි වූහ.
මෙම අවස්ථාවට එම පුහුණු ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ උපදේශකයින් සහභාගි වූහ.