25th August 2025
ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම භටපිරිස් විසින් අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය ලබන දරුවන්ට උපකාර කිරීමේ අරමුණින් 2025 අගෝස්තු මස 22 දින බණ්ඩාරවෙල, ශ්‍රී මලියදේව විද්‍යාලයේදී පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP සහභාගි වූ අතර, ප්‍රොටෙක්ටර් ක්ලෝතින් මැනුෆැක්චර් පෞද්ගලික ආයතනයෙහි සභාපතිනී එන්.ඩී. ගුණසේකර මහත්මිය ද ගෞරවනීය ආරාධිත අමුත්තෙකු ලෙස මෙම අවස්ථාවට සහභාගි වූවාය.
එහිදී, අත්‍යවශ්‍ය පාසල් පොත්, බෑග්, සපත්තු ආදි පාසල් උපකරණ සිසුන් 108 දෙනෙකු වෙත පරිත්‍යාග කරනු ලැබීය. වැඩසටහන අවසානයේදී සිසුන් සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටි අතර, ඔවුන් වෙනුවෙන් දිවා ආහාර ද ලබාදෙනු ලැබීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, විදුහල්පතිතුමන්, ගුරුභවතුන්, පාසල් කාර්ය මණ්ඩලය සහ සිසුන් සහභාගි වූහ.