
‘ක්ලීන් ශ්‍රි ලංකා’ වැඩසටහනට සමගාමීව, දිවයින පුරා පිහිටි පාසල් 1000 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් අද (පෙබරවාරි මස 20) දින ඉළුක්ඕවිට, බප/හෝ ඉළුක්ඕවිට කණිෂ්ඨ විද්‍යාලයේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.