28th September 2025
යුද්ධ හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලිය වසර හයකට පසු 2025 සැප්තැම්බර් මස 27 දින දියතලාව ගොල්ෆ් පිටියේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගී වූ අතර එතුමන්, ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක USP විසින් පිළින්නා ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ USP ndc psc IG ගේ පිළිගැනීමේ කතාවෙන් උත්සවය ආරම්භ විය. අනතුරුව, ප්‍රධාන ආරාධිතයා විසින් ගොල්ෆ් පන්දුවට පහර දීමෙන් තරඟාවලිය නිල වශයෙන් ආරම්භ විය.
අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් විසින් ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග සහ සහතික පත් පිරිනමන ලදී. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සමාප්ති දේශනය පැවැත්වූ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුවේ සභාපති විසින් ස්තුති කතාව සිදු කිරීමෙන් වැඩසටහන් අවසන් විය.
2025 යුද්ධ හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරගාවලියේදී ජයග්‍රහණ හිමිකරගන්නා ලද ක්‍රීඩකයින් පහත පරිදි වේ.
ශූරයන්
පිරිමි – එම්.එස්. ආර්.ආර් ලියොන්
කාන්තා – එම්.එස් ප්‍රියදර්ශිනි
ජයග්‍රාහකයන්
පිරිමි - ආර්.ආර් ලියොන් මහතා
කාන්තා - ඒ. ප්‍රියදර්ශනී මහත්මිය
හමුදා - ලුතිනන් කමාන්ඩර් එම්.පී.එච් පෙරේරා ශ්‍රී ලංකා නාවික හමුදාව
අනුශූරතාවය
පිරිමි - කපිතාන් ජයලත් පෙරේරා ශ්‍රී ලංකා නාවික හමුදාව
කාන්තා - සදුනි වනසිංහ මහත්මිය
හමුදා - කපිතාන් පී.වී.ටී මහේෂ් ශ්‍රී ලංකා නාවික හමුදාව
කණුවට ආසන්නම ස්ථානය
කාන්තා - මන්පෝරි අත්තනායක මහත්මිය
පිරිමි - අභිමන අබේවර්ධන මහතා
වඩාත්ම දුරට ගැසූ පහර
කාන්තා - වින්ග් කමාන්ඩර් කේ.පී.එස්.එස් ලක්ෂ්මි ශ්‍රී ලංකා ගුවන් හමුදාව
පිරිමි - කපිතාන් පී.වී.ටී මහේෂ් ශ්‍රී ලංකා නාවික හමුදාව