10th August 2025
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ලබන විශේෂ බලකායේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය RWP RSP ndu වෙත ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් 2025 අගෝස්තු මස 05 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි එම ජ්‍යෙෂ්ඨ නිලධාරිව මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව එම බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව, මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය RWP RSP ndu භටපිරිස් අමතමින් තම වෘත්තීය ජීවිතය පුරාවට දැක්වූ සහයෝගය වෙනුවෙන් නිලධාරින් සහ සෙසුනිලයන් වෙත සිය කෘතඥතාව පළ කළේය.
විශ්‍රාම දිවියට එලබෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය අගයමින් පැවති රාත්‍රී භෝජන සංග්‍රහයේදී එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සමරු තිළිණ ප්‍රදානය කරන ලදී. මෙම වැඩසටහන සඳහා විශේෂ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.