2026-05-03

විශ්‍රාම දිවියට එළබෙන විශේෂ බලකායේ ජ්‍යෙෂ්ඨ නිළධාරී වෙත එම බලකායේ ගෞරවාචාරය

විශ්‍රාම දිවියට එළබෙන විශේෂ බලකායට අයත් මේජර් ජෙනරල් කේ.ඩී.යූ. කරුණාරත්න RSP USP, වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් 2026 මැයි මස 02 දින එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.

කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී.

ඉන්පසුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරී රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී. පසුව භටපිරිස් ඇමතූ අතර, සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද සහභාගී විය.

උත්සව කටයුතු අවසන් කරමින් 1 වන විශේෂ බලකා රෙජිමේන්තු නිලධාරී නිවස්නයේදී සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවට එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.