25th March 2026
උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වෙතනායහන් මහතා 2026 මාර්තු මස 23 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය හිදී ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා RSP ndu psc හමුවිය.
එම හමුවේදී ආණ්ඩුකාරතුමන්, යුද්ධයෙන් පසු උතුරු පළාතේ සාමය පවත්වා ගැනීමට සහ සංවර්ධන කටයුතු සඳහා යුද්ධ හමුදාව ලබාදෙන සහයෝගය පිළිබඳව කෘතවේදීත්වය පළ කළ අතර, විශේෂයෙන්ම යුද්ධ හමුදාව යටතේ තිබූ ඉඩම් නැවත ජනතාවට ලබාදීම අගය කරමින් ඉදිරි වැඩකටයුතු සඳහාත් යුද්ධ හමුදාවේ සහය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.