24th November 2025
2025 නොවැම්බර් මස 23 වන දින රඹුක්කන මාවනැල්ල මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් මතට තලගොල්ල ප්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් විපතට පත්වූවන් මුදවා ගැනීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් විසින් කඩිනමින් ක්‍රියාත්මක වන ලදී.
ඒ අනුව 57 පාබල සේනාංකයේ 611 පාබල බළසේනාව යටතේ ස්ථාපිත 8 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස්, සිද්ධිය පිළිබඳව තොරතුරු ලැබීමෙන් පසු කඩිනමින් එම ස්ථානයට ලගාවෙන ලදී.
එම භට පිරිස් විසින් අනතුරට ලක්වූ ත්‍රිරෝද රථය තුළ සිර වී සිටි පුද්ගලයන් සිව් දෙනා බේරා ගැනීමෙන් අනතුරුව ඔවුන්ව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාවනැල්ල මූලික රෝහල වෙත ඇතුලත් කරන ලදී.