සටන් පුහුණු පාසලේ නව සේනාවිධායක ධූරයේ රාජකාරි අරඹයි

අම්පාර සටන් පුහුණු පාසලේ 48 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ඒ.කේ.සී.එස් ද සිල්වා RSP ndc, 2025 අගෝස්තු මස 30 දින සිය ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව සේනාවිධායක කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය. පසුව, එම පුහුණු පාසලේ භටපිරිස් අමතමින් පුහුණු පාසලේ අරමුණු, දැක්ම සහ මෙහෙවර සාක්‍ෂාත් කර ගැනීම සඳහා සැමගේ දායකත්වය සහ සහයෝගයේ ලබාදීමේ වැදගත්කම අවධාරණය කළේය.

මෙම අවස්ථාවට එම පුහුණු පාසලේ අණදෙන නිලධාරි, ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගී වූහ.