20th September 2025
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී අතිගරු ජූලි චුන්ග් මහත්මිය 2025 සැප්තැම්බර් මස 19 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිල සංචාරයක නිරත වූවාය.
එම විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ජේ.ආර්.එස් මැදගොඩ RSP USP ndc psc IG විසින් එතුමියව එම අවස්ථාවේදී පිළිගනු ලැබීය.
මෙම සංචාරය අතරතුර, තානාපතිතුමිය විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ යුද්ධ හමුදා නිලධාරින් පුහුණු කිරීම සඳහා පවතින පහසුකම් කිහිපයක් නිරීක්‍ෂණ කළ අතර, පසුව කෙඩෙට් නිලධාරි භෝජනාගාරයේ පැවති තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගි වී කෙඩෙට් නිලධාරින් සහ උපදේශකයින් සමඟින් සුහද කථා බහක නිරත විය.
මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා, සේනාවිධායක විසින් තානාපතිතුමිය වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර, අනතුරුව එතුමිය විසින් මෙම විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබන අනාගත හමුදා නායකයින්ගේ අධ්‍යයනය වෙනුවෙන් විද්‍යාපීඨ පුස්තකාලය වෙත වටිනා පොත් දෙකක් පරිත්‍යාග කරන ලදී.